කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ සිවිල් නඩු ගොනුවක් බලහත්කාරයෙන් රෙජිස්ටාර්වරයාගෙන් උදුරාගෙන එහි තිබූ ලේඛන 2ක් ඉරා සපා කෑ නීතිඥවරියගේ නීතිඥ කටයුතු අදාළ නඩුව අවසන් වන තෙක් අත්හිටුවා තිබෙනවා.

ඒ මෙම නඩුව අද පළමු වරට ශ්‍රේෂ්ඨාධිකරණයේදී, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුක ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගත් අවස්ථාවේදීයී.

අදාළ නීතිඥවරිය ලේඛන සපා කන ආකාරය ඇසින් දුටු සාක්ෂි සහ වීඩියෝවක් ද ඇති බව පැමිණිලිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥවරුන් අධිරණයට සඳහන් කර තිබුණා.

එලෙස ඇය විසින් අධිකරණයේදී මෙලෙස සපා කා තිබුණේ ඇය විසින්ම සකස් කර තිබූ කූඨ ලේඛන 2ක් බවද සඳහන්.

WhatsApp Group

Skip to content