ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාවය මෙටි්‍රක් ටොන් 25,000ක් පමණ වන අතර, කෙසේ වෙතත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙටි්‍රක් ටොන් 12,500ක් බවයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය පවසන්නේ.

එබැවින් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්වයක් මතුව ඇති බව සඳහන්.

ඒ අනුව ඉදිරි වසර හතරක කාලයේදී දේශීය කජු අස්වැන්න නොලැබෙන දෙසැම්බර් සිට අප්‍රේල් දක්වා කාල සීමාවේදී ලෙලි කජු ආනයනය කිරීමටත් මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙටි්‍රක් ටොන් 15,000ක් ආනයනය කිරීමට තීරණය කර තිබෙනවා.

කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලය අනුමැතියද හිමිව තිබෙනවා.

WhatsApp Group

Skip to content