ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමින් ඉලක්ක කර ඊශ්‍රායලය අඛණ්ඩව එල්ල කරන රොකට් ප්‍රහාර සම්බන්ධයෙන් එහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් අවධානයෙන් පසුවන ලෙස ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉල්ලීමක් කර තිබෙනවා .

ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් මේ වන විට පුද්ගලයින් 492 දෙනකු මියගොස් ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ඊශ්‍රායලය විසින් හිස්බුල්ලා ඉලක්ක 1300 ක් වෙත රොකට් ප්‍රහාර 200 කට අධික ප්‍රමාණයක් එල්ල කර තිබෙනවා.

ලෙබනනයේ දකුණු කොටසේ සහ නැගෙනහිර බේකා නිම්නයේ ප්‍රදේශ රැසක් ඊශ්‍රායල ඉලක්ක වී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

WhatsApp Group

Skip to content