ලෙබනනයේ සහ ඊශ්‍රායලයේ යුධ ගැටුම් හේතුවෙන් විපතට පත් ප්‍රදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමට කටයුතු කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

පවතින අස්ථාවර තත්ත්වය හේතුවෙන් බේරුට් සහ ටෙල් අවිව් හි ශ්‍රී ලංකා දූත මණ්ඩලය ද සීරුවෙන් සිටින බව සදහන්.

මේ වන විට ඇතිව තිබෙන තත්ත්වයෙන් ශ්‍රී ලාංකිකයන් කිසිවකුට මෙතෙක් කිසිදු බලපෑමක් සිදුව නැහැ.

WhatsApp Group

Skip to content