ලෙබනනයේ නබාති නුවරට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයින් 16 දෙනෙකු මියගොස් තිබෙනවා.

මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 52 දෙදෙනෙකු තුවාල ලැබුවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ නබාති නගර සභා ගොඩනැගිල්ල ද ඉන් විනාශ වූ බවයි.

මියගිය පුද්ගලයින් අතරට නගරාධිපතිවරයා ද ඇතුළත් වනවාත

ඊශ්‍රායල ප්‍රහාරවලින් අවතැන්වූවන් සඳහා සහන සැලසීම සම්බන්ධයෙන් අදාළ නගර සභා ගොඩනැගිල්ලේ සාකච්ඡාවක් පැවති අවස්ථාවේදී ප්‍රහාරය එල්ල වී ඇති බවයි ලෙබනන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේ.

WhatsApp Group

Skip to content