ලෙබනනයේ මහල් 7 කින් යුත් ගොඩනැගිල්ලක් කඩාවැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

ඊයේ මාධ්‍ය වාර්තා කළේ ලෙබනනයේ බීරූට් නගරය ආසන්නයේ පිහිටි මෙම ගොඩනැගිල්ල කඩා වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇතු`ඵ 5 දෙනෙකු සුන්බුන් අතර සිරවී ඇති බවටයි.

කෙසේ වෙතත් එම සිද්ධියෙන් ඇයට තුවාල සිදු වී ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් මහතා පැවසුවේ.

ඇය වයස අවුරුදු 65 ක ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ කාන්තාවක් බවද ඔහු සදහන් කළා.

WhatsApp Group

Skip to content