ලෙබනනයේ සංචාරය කිරීමෙන් වැළැකී සිටින ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අමෙරිකානු ජාතිකයන්ට අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

සංචාරක උපදේශනයක් නිකුත් කරමින් එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අද(18) අමෙරිකානු ජාතිකයන්ට මෙම උපදේශනය නිකුත් කර තිබෙනවා.

එසේම බීරූට් හි තානාපති කාර්යාලයේ සේවයේ නියුතු පවුල්වල සාමාජිකයන්ට සහ හදිසි නොවන එක්සත් ජනපද රජයේ නිලධාරීන්ට ස්වකැමැත්තෙන්ම රටින් පිටවීමටද එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබාදී තිබෙනවා.

ඊශ්‍රායලය සහ හිස්බුල්ලා හෝ වෙනත් සන්නද්ධ සටන්කාමී කණ්ඩායම අතර රොකට්, මිසයිල සහ කාලතුවක්කු ප්‍රහාර හුවමාරුව හේතුවෙන් අනපේක්ෂිත ආරක්ෂක තත්ත්වය හේතුවෙන් මෙලෙස ලෙබනනය සඳහා හතර වන මට්ටමේ සංචාරක උපදේශනයක් නිකුත් කර ඇති බවයි රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසන්නේ.

WhatsApp Group

Skip to content