අසනිප නිවාඩු වාර්තා කරමින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සේවය කරන ග්‍රාමසේවා නිලධාරිවරුන් 16 දින හැටන් ප්‍රදේශයේ සර්ව ආගමික ස්ථාන වෙත ගොස් ආශිර්වාද පුජාවන් වලට සහභාගි විමෙන් අනතුරුව ආගමික නායකයින් හමු වි සන්දේශයක් භාර දිම සිදු කෙරිණ.

ශ්‍රි ලංකා ග්‍රාමසේවා නිලධාරින්ගේ සංගමයේ නොර්වුඩ් ප්‍රාදේශිය ලේකම් කාර්යාලයේ සභාපති නිශාන්ත කුමාරගේ මහතා කියා සිටියේ අසනිප නිවාඩු වාර්තා කරමින් තුනක් තිස්සේ දිවයින පුරා ග්‍රාමසේවා නිලධාරින් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක නියැලි සිටින බවත් එම සියළු දෙනා වෙනුවෙන් සහ සිය ඉල්ලිම් ඉටු කරදෙන ලෙස ආගමික ස්ථාන වෙත ගොස් ආගමික වතාවන් සිදුකර පුජාවන් පැවැත් වු
බවයි.

ග්‍රාමසේවා නිලධාරින්ගේ සේවාවට සේවා ව්‍යාවස්ථාවක් ලබාදෙන ලෙස තම සංගමය මගින් වසර කිහිපයක් තිස්සේ ඉල්ලිම් කලද එයට මෙතෙක් නිසි විසදුම් නොලැබුණු නිසා තම සංගමය මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට එලඹුණු බවයි.

ඉදිරියේදි තම ඉල්ලිම් දිනා ගැනිම සදහා සිදු කරන වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ප්‍රදේශයේ ආගමික නායකයින් දැනුවත් කිරිමට පියවර ගත් බවද  නිශාන්ත කුමාරගේ මහතා වැඩිදුරටත් පැවසිය.

හැටන්-  රංජිත් රාජපක්ෂ

WhatsApp Group

Skip to content