ලූනු සඳහා 40%ක අපනයන බද්දක් පැනවීමට ඉන්දියාව තීරණය කර තිබෙනවා.

ලබන දෙසැම්බර් 31 වනදා දක්වා මෙම බද්ද පැනවීමටයි ඉන්දියාව තීරණය කර ඇත්තේ.

ප්‍රධාන වෙළෙඳපොළවල සාමාන්‍ය තොග ලූනු මිල ජූලි සිට අගෝස්තු දක්වා 20%කින් පමණ ඉහළ යාමත් සමග ඉන්දියාව මෙම තීරණය ගෙන තිබෙනවා.

ඒ අනුව බංග්ලාදේශය, නේපාලය, මැලේසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව වැනි රටවල් සඳහා මෙම අපනයන බද්ද බලපානු ඇති.

WhatsApp Group

Skip to content