Step Forward 2023 – ලුම්බිණි පාගමන සැප්තැම්බර් 23 පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඒ පිළිබඳ දැනුම් දීම සදහා පසුගියදා මාධ්‍ය හමුවක්ද සංවිධාන කර තිබූ අතර ඒ සඳහා ලුම්බිණි ආදි ශිෂ්‍ය සංගමයේ සභාපති ආචාරය කැළුම් සුජිත් පෙරේරා , ලේකම් චන්න තිලකරත්න සහ විද්‍යාලයේ සහකාර විදුහල්පති චතුරිකා ඉලංගතිලක යන අය සභාභාගී වුනා.එහිදී පාගමනේ නිල ටී ෂර්ටය ජනගත කිරීමද විශේෂත්වයක්.

වසර 94ක ඉතිහාසයකට හිමිකම් කියන ලුම්බිණි විද්‍යාලය මෙම පාගමන වාර්ෂිකව සංවිධාන කරනු ලබන්නේ විද්‍යාලයේ අභිවෘධිය වෙනුවෙන්.

සැප්තැම්බර් 23 පෙරවරු 09 ට පාගමන ලුම්බිණි විද්‍යාලය අසලින් ආරම්භ වීමට නියමිතයි.අනතුරුව පා ගමන තිඹිරිගස්යාය දක්වා ගමන් කොට , නැවත ඇන්ඩර්සන් පාර  ට පැමිණ නුගේගොඩ හරහා ලුම්බිණි ප්‍රථමික විද්‍යාලය දක්වා පැමිණීමට නියමිතව තිබෙනවා.එහිදී රැප් ගායක ගායිකාවන්ගේ සංගීත ප්‍රසංගයක් පැවත්වීමට සැලසුම් කර ඇති බවයි සංවිධායක මණ්ඩලය පැවසුවේ

විද්‍යාලීය සිසු සිසුවියන් , විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය , ආදී සිසු සිසුවියන් මෙන්ම දෙමව්පියන්ද ඊට එක්වීමට සුදානමින් පසුවනවා.

ලුම්බිණි ආදි ශිෂ්‍ය සංගමය විසින් සංවිධාන කරන Step Forward 2023 – ලුම්බිණි පාගමන පිළිබඳව වැඩි විස්තර  0783 381 381 අංකයෙන් ඔබට දැනගත හැකියි.

WhatsApp Group

Skip to content