ලී සුළිකුණාටුව අමෙරිකාවට සහ කැනඩාවේ නැගෙනහිරට දැඩි බලපෑම් සිදු කර තිබෙනවා.

කුණාටු තත්ත්වය හේතුවෙන් අමෙරිකාවේ නිව් ඉංග්ලන්ඩ් සහ කැනඩාවේ ඇට්ලැන්ටික් කැනඩා යන ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙම සුළිකුණාටුව තත්ත්වය නිසා එම රටවල වෙරළබඩ ප්‍රදේශයේ අඩි 20ක පමණ මුහුදු රළ ඉහළයාමක් ඇති විය හැකි බවයි.

අමෙරිකානු සුළිකුණාටු මධ්‍යස්ථානය පවසන්නේ අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයකම ගංවතුර ඇතිවීමේ අවධානමක් පවතින බවයි.

මේ අතර අමෙරිකාවේ මෙන් ප්‍රාන්තයට මේ වන විට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content