පෞද්ගලික ආරක්ෂක නියෝජිත ආයතන ලියාපදිංචි සහ අලුත් කිරීමේ ගාස්තු ඉහළ දමා තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් නිකුත් කරනු ලැබුවා.

ඒ අනුව රුපියල් 35,000කින් එම ගාස්තු ඉහල දමා ඇති බව සඳහන්. මෙවැනි ආයතනයක් මුල්වරට ලියාපදිංචි කිරීමේ දී මෙතෙක් අයකල ගාස්තුව වුයේ රුපියල් 15,000ක්.

ඒ අනුව නව ගාස්තුව රුපියල් 50,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඊට අමතරව ලියාපදිංචිය අලුත් කිරිමේ ගාස්තුව ද රුපියල් 10,000 සිට 25,000 දක්වා ඉහළ දමා ඇති බව සඳහන්.

එසේම බලපත්‍රය කල් ඉකුත් වී යලි ලියාපදිංචිය අලුත් කිරීමේ දී අයකරන ගාස්තු ද ඉහළ දැමුණා.

WhatsApp Group

Skip to content