දෙහිවල මල්ලවත්ත පාරේ ලියාපදිංචියකින් තොරව පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය දේවගැතිවරයෙකු හා තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම මධ්‍යස්ථානයේ නේවාසිකව සිටි පුද්ගලයින් 34 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබෙන අතර ඔවුන්ව එහි රඳවා තබා තිබුණේ අවම පහසුකම්වත් නොමැතිව බවයි පොලිසිය සදහන් කළේ.

ආගමික සංවිධානයකට අයත් දේවගැතිවරයෙකු විසින් දෙහිවල මල්වත්ත පාරේ පවත්වාගෙන ගිය මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානය දෙහිවල පොලිස් නිලධාරීන් විසින් වටලනු ලැබුවා.

මෙහිදී අනාවරණ වුණේ මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇත්තේ, රජයේ ලියාපදිංචියකින් තොරව බවයි.

WhatsApp Group

Skip to content