ලිබියාවට බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයවට පත් වූ පුද්ගලයන් සංඛ්‍යාව 18,000ත් 20,000ත් අතර අගයක් විය හැකි බවට ඇස්තමේන්තු කර තිබෙන බව එරට ඩර්නා හී නගරාධිපතිවරයා සඳහන් කර තිබෙනවා.

මේ වන විට ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයන්ගේ සිරුරු 3,840ක් සොයාගෙන ඇති අතර, එයින් පුද්ගයන් 3,190 දෙනෙකුගේ සිරුරු භූමදානය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්වූ පිරිස අතර විදේශිකයන් 400ක් පමණ සිටින බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content