ලිබියාවය බලපෑ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන් සංඛ්‍යාව 11,300 ඉක්මවා ගොස් තිබෙනවා.

එමෙන්ම මෙම ගංවතුර තත්ත්වය හේතුවෙන් තවත් පද්ගලයන් 10,000ට වැඩි ප්‍රමාණයක් අතුරුදන්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මෙම ගංවතුර තත්ත්වය ඇති වී සතියක් ගතවී ඇති අතර, ඒ අනුව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයන්ගේ සිරුරු දැඩි ලෙස විනාශ වී තිබෙනවා.

ඒ හේතුවෙන් එම පුද්ගලයන්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීමට නොහැකි වීමෙන් වෛද්‍යවරුන් දැඩි අර්බුදයකට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් කර ඇත්තේ.

එමෙන්ම දිවි බේරාගත් පුද්ගලයන් ජලය, ආහාර, නවාතැන් සහ මූලික සැපයුම් අවශ්‍යතා නොමැතිව දැඩි අපහසුතාවට පත්ව තිබෙන බවද එම මාධ්‍ය වාර්තා වල වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

WhatsApp Group

Skip to content