නැගෙනහිර ලිබියාවට බලපෑ ඩැනියෙල් සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ගංවතුර හේතුවෙන් පුද්ගලයින් 2,000 ක් මියගොස් ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඩනර් ප්‍රදේශයේ ජලාශයක වේල්ලක් කැඩීයාම හේතුවෙන් ගංවතුර තත්වය තවදුරටත් වැඩි වී ඇති බවටයි වාර්තා වන්නේ.

එමෙන්ම පවතින ගංවතුර තත්තවයත් සමග එරට හදිසි තත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

දැනට ගංවතුර හේතුවෙන් අතුරුදන් වී ඇති පුද්ගලයින් සොයා විශේෂ මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content