ලිට්රෝ සමාගම ප්‍රතිව්‍යූහගත කිරීමට එරෙහිව එහි සියලුම සේවකයින් විරුද්ධ බව ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව පවසනවා.

එම ප්‍රතිව්‍යූහගතකරණයට එරෙහිව ඉදිරියේදී පෙළ ගැසෙන බවයි ජාතික එකමුතුව පැවසුවේ.

එම සමාගම 2015 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ රාජ්‍ය භාණ්ඩාගාරයට ලාභ සහ බදු ලෙස කෝටි 5000 ක් බැර කර ඇති බවද ලිට්රෝ සුරැකීමේ ජාතික එකමුතුව සදහන් කළා.

ඒ හේතුවෙන් එම සමාගම ප්‍රතිව්‍යූහගත කිරීම කාලෝචිත නොවන බව සදහන් කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content