ලිට්‍රෝ ගෑස් මිල අද(05) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබෙනවා.

එහි සභාපති මුදිත පීරිස් කියා සිටියේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 334කින් ඉහළ දැමෙන බවයි.

ඒ අනුව මෙතෙක් රුපියල් 4409ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 4743ක්.

කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරය රුපියල් 134කින්ද කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 61කින්ද ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් පහක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1904ක් වන අතර කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 883ක් වන බවයි ලිට්‍රෝ සමාගම පවසන්නේ.

WhatsApp Group

Skip to content