ලිට්‍රෝ ගෑස් සමාගම සිය ගෑස් මිල ගණන් සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව අද(04) මධ්‍යම රාත්‍රිෙය් සිට කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 452කින් පහත දමා තිබෙනවා.

මෙතෙක් රුපියල් 3638ක්ව පැවැති කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3186ක් දක්වා පහත දැමෙන බවයි ලිට්‍රෝ ගෑස් සමාගම නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ.

කිලෝග්‍රෑම් 5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1462 සිට රුපියල් 1281 දක්වා රුපියල් 181කින් පහළ දමා තිබෙනවා.

මේ අතර මෙතෙක් 681ක්ව පැවැති කිලෝග්‍රෑම් 2.3 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 598ක් දක්වා පහත දමා ඇත්තේ රුපියල් 83ක් අඩු කිරීමෙනි.

මේ නව මිල සංශෝධනය පිළිබද අදහස් දැක්වු ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා.

https://www.vnews.lk/storage/2023/06/MUDITHA-PIRIS-01.mp3?_=1

ගෑස් මිල අඩු කිරීමට හේතු වු කරුණු සම්බන්ධයෙන් ද මුදිත පීරිස් මහතා මෙලෙස පැහැදිලි කළා.

https://www.vnews.lk/storage/2023/06/MUDITHA-PIRIS-02.mp3?_=2

 

 

WhatsApp Group

Skip to content