කාන්තා පොලිස් කොස්තාපල්වරියකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කල්පිටිය පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපතිවරයා මාර්තු 12 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

පැමිණිලිකරුට තර්ජනය කිරීම සහ බලපෑම් කිරීම යන චෝදනාව හේතුවෙන් වින්දිතයන් සුරැකීමේ පනතේ විධිවිදාන අනුව සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත්තේ.

එමෙන්ම අදාළ චෝදනා සම්බනධයෙන් ජාතික පොලිස් කොමිසම විසින් මෙම පොලිස් ස්ථානාධිපතිවරයාගේ සේවය අත්හිටුවීමට ද පසුගියදා පියවර ගත්තා.

WhatsApp Group

Skip to content