වයස අවුරුදු 14 ත් 16 ත් අතර ගැහැණු ළමුන් වයස අවුරුදු 22 ට අඩු අයෙකු සමඟ ලිංගිකව හැසිරීමේ සිද්ධීන් සම්බන්ධයෙන් දඬුවම් පහසු කිරීමේ විධිවිධාන ඇතුළත් යෝජිත දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා.

ඒ අනුව එම සංශෝධනය ඇතුලත් දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත ඉවත් කරගන්නා බවයි අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

මෙම නීති සංශෝධනය සම්බන්ධයෙන් පසුගිය වකවානුවේ සමාජයේ දැඩි විරෝධයක් මතුව තිබුණා.

WhatsApp Group

Skip to content