ශ්‍රී ලංකා කණ්ඩායමට අත් වූ මෙම පරාජයෙන් පාඩමක් ඉගෙන ගෙන සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා හිටපු  ක්‍රිකට් ක්‍රීඩක අරවින්ද ද සිල්වා පවසනවා .

කෙටි කාළීන සැළසුම් වලින් බැහැරව දිගු කාළීන සැළසුම් සකස් කර කණ්ඩායමක් වශයෙන් ක්‍රීඩා කිරීම ආරම්භ කළ යුතු බවයි ඔහු පැවසුවේ .

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පිරිනමන හෝල් ඔෆ් ෆේම් ගෞරව නාමයෙන් පිදුම් ලැබු අරවින්ද ද සිල්වා දිවයින්ට පැමිණිමෙන් පසු මාධ්‍යට අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළා.

එම සම්මානය හිමිකරගත් සිව් වැනි ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වන්නේ අරවින්ද ද සිල්වායි  .

https://www.vnews.lk/storage/2023/11/ARAVINDA-DE-SILVA.mp3?_=1

WhatsApp Group

Skip to content