අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300 කින් පහළ දමන බව සඳහන්.

එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 3,690 ක් වනවා.

මේ අතර කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 120 කින් පහළ දමනු ඇති.

එම මිල පහළ දැමීමත් සමඟ කිලෝග්‍රෑම් 5 ලාෆ් ගෑස් සිලින්ඩරයක නව මිල වන්නේ රුපියල් 1476 ක්.

 

WhatsApp Group

Skip to content