මෙම වසර ආරම්භයේ සිට මේ දක්වා කාලය තුළදී කොළඹ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් 100 ක් පමණ වාර්තා වන බව කොළඹ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසනවා.

මෙරට වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි අනාවරණය වී ඇත්තේ.

එමෙන්ම ක්ෂය රෝගීන් ද ලංකාවේ වැඩිම ප්‍රමාණයක් වාර්තා වන්නේ කොළඹ නගර සීමාවෙන් බවටයි වාර්තා වන්නේ.

ලාදුරු සහ ක්ෂය රෝගීන් හදුනා නොගතහොත් එය තවත් අයෙකුට බෝවීමේ අවදානමක් පවතින බව ද සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.

WhatsApp Group

Skip to content