අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ස්පාඤ්ඤයේ බාසිලෝනාහි දී පැවති ‍ තොරතුරු සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රමුඛතම සමුළුව වූ ‘මොබයිල් වර්ල්ඩ් කොංග්‍රස් (Mobile World Congress -24) සමුළුවට සහභාගි විය. මෙරට අධ්‍යාපන ඩිජිටල්කරණ ක්‍රියාවලිය යථාවත් කරගැනීම සඳහා අවශ්‍ය නිසි මාර්ගෝපදේශකත්වයක් ලබා ගැනීම උදෙසා මෙම සමුළුවෙන් කැපි පෙනෙන දායකත්වයක් ලැබී ඇත.

5ජී තාක්ෂණය සහ එහි අනාගතය, සෑම දෙයක ම සහසම්බන්ධ වීම (Iox-Internet of Everything), කෘත්‍රීම බුද්ධියට මානුෂීය මුහුණුවරක් ලබා දීම, ඩිජිටල් කාර්මික පරිවර්තනය, ‘ඩිජිටල් ඩීඑන්ඒ’ මෙවර මෙම වාර්ෂික සමුළුවේ දී කැපී පෙනුණ තේමාවන් ය. ගෝලීය නායකයන් හා තාක්ෂණ ලොව දැවැන්තයන් හමුවේ ඩිජිටල්කරණයේ සහ සන්නිවේදන තාක්ෂණයේ නවතම දියුණුව ගවේෂණය කිරීමට හා අත් දකින්නට ඊට සහභාගී වන්නන්ට මෙම සමුළුවේ දී මනා වේදිකාවක් ඉදි ව තිබුණ අතර මෙරට අධ්‍යාපන අමාත්‍යවරයාට ද ඊට සහභාගී වීමට හැකි විය. අනාගත ලෝකයත් සමග එක් ව ඉදිරියට යා හැකි පරිදි මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය ඩිජිටල් යුගයකට සරිලන ලෙස යාවත්කාලීන කිරීම සඳහා අවශ්‍ය නව මං පෙත් විවර කරගැනීමට අදාළ බුද්ධිමය සංවාද හා උපායශීලී සහයෝගාත්මක සාකච්ඡා ඇසුරින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාට ආධ්‍යාපනික වශයෙන් ඉතා වැදගත් වන සාර්ථක ප්‍රතිචාරයක් මෙම සංචාරයේ දී ලෝක දැවැන්තයන් වෙතින් ලබා ගැනීමට හැකි විය.

ලාංකික අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් වෙත ප්‍රවේශ වෙමින් අධ්‍යාපන ඩිජිටල්කරණය හරහා මෙරට සිසු දරු දැරියන්ට අධ්‍යාපනයේ විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශ විවර කර දීමට සමත් නව ප්‍රවේශයන් රැසක් හෙළි පෙහෙලි කරගන්නට අධ්‍යාපන අමාත්‍යවරයාගේ මෙවර බාසිලෝනා සංචාරය තුළ දී හැකි වී තිබේ. ඒ අනුව ශ්‍රී ලාංකික සිසුන්ට හා අධ්‍යාපනඥයන්ට නව්‍ය ඩිජිටල් මෙවලම් සහ සම්පත් වෙත ප්‍රවේශ ව සවිමත් වී ඩිජිටල්කරණයේ නවතම දියුණුව ගවේෂණය කිරීමේ පරිපූර්ණ ඉගෙනුම් අද්දැකීම් ලබා ගැනීමට ඉඩ ප්‍රස්ථා ඉදිරියේ දී විවිර වනු ඇත. එමගින් සැමට ගුණාත්මක හා සම අධ්‍යාපන අවස්ථා ලබා දීමේ අභිමතාර්ථ ඉටු කර ගැනීම රජයේ අපේක්ෂාවයි. ලාංකික අධ්‍යාපන ඩිජිටල්කරණයෙන් මෙරට සිසු දරු දැරියන්ට විශිෂ්ටත්වය හඹා යෑමේ අවකාශය

WhatsApp Group

Skip to content