ඊශ්‍රායලයේ සාත්තු සේවය, හෝටල්, ආපනශාලා, ඉදිකිරීම්, යටිතල පහසුකම් යන ක්ෂේත්‍රවල ඇති පුරප්පාඩු සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට ඇති ඉහළ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රටවල් දෙකෙහිම රජයන් අතර එකඟතා ඇති කර ගැනීමට හැකි වූ බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ රාජ්‍යතාන්ත්‍රිකයින් සමඟ පැවති සාකච්ඡාවල දී ඉහත පුරප්පාඩු පිළිබඳව අනාවරණය වූ බවත් එම රැකියා සදහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් යොමු කිරීම සඳහා දෙපාර්ශ්වය අතර එකඟතා ඇති කරගත් බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

ඊශ්‍රායලයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් පිළිබඳව සොයා බැලීම සහ එයට අදාළ තවත් එකඟතා කිහිපයක් එරට බලධාරීන් සමඟ ඇති කරගැනීම සඳහා ඊශ්‍රායලයේ නිල සංචාරයක යෙදෙන

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යවරයා, ඊශ්‍රායෙල් රැකියා සඳහා බඳවාගැනීම් සිදු කරනු ලබන්නේ අමාත්‍යාංශයේ ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන ඔස්සේ බව අවධාරණය කළා.

WhatsApp Group

Skip to content