මහ කන්නයේ වගාවන් සඳහා ලබන මස 5 වැනි දා සිට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බව ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය පවසනවා.

ඒ අනුව පළමුවෙන්ම කලා වැව හරහා යෝධ ඇළට ජලය නිකුත් කිරීම ආරම්භ කරන බවයි ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් නිලන්ත ධනපාල මහතා සඳහන් කළේ.

මේ හරහා මහඉලුප්පල්ලම, කට්ටියාව, කලා වැව, ඉපලෝගම යන ප්‍රදේශවලට ජලය සැපයීමට නියමිතයි.

WhatsApp Group

Skip to content