බිත්තර සහ කුකුළු මස් නිෂ්පාදනය වෙනුවෙන් විදෙස් ආයෝජන දෙකක් පිළිබඳව යෝජනා ඉදිරිපත් වී ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ ඉන්දියාවේ මහා පරිමාණ ආයෝජකයින් දෙදෙනෙකු මෙම යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.

මේ අතර දියර කිරි කර්මාන්තය සඳහා ද ඉන්දියාවේ අමුල් සමාගම මෙරට ආයෝජනය සඳහා කැමැත්තෙන් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ.

එමෙන්ම ලබන වසරේ සිට මෙම වසරට වඩා සහන මිලකට බිත්තර සහ කුකුළු මස් පාරිභෝගිකයින් වෙත ලබා දීමට හැකි බව තමන් විශ්වස කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

පේරාදෙණිය පශු වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

WhatsApp Group

Skip to content