අලි සංගණනයක් පැවැත්වීමට වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ඒ අනුව ලබන අගෝස්තු 19වනදා සහ 20වනදා මෙම සංගණනය සිදු කිරීමට සැලසුම් කර ඇති බව සඳහන්.
සෑම වසර 10කට වරක් අලි සංගණනයක් සිදුකරන අතර, අවසන් සංගණනය සිදුකරනු ලැබුවේ පසුගිය 2011 වර්ශයේදී.

කොවිව් වසංගතය හේතුවෙන් 2021 වසරේ පැවැත්වීමට තිබූ අලි සංගණනය කල් දැමීමට සිදුවුණා.
ඒඅනුව මෙවර අලි සංගණනයක් සිදු වන්නේ වසර 13කට පසුවයි.

වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත කර තිබෙන බහුකාර්ය සංවර්ධන නිලධාරීන් සහ සිවිල් ආරක්ෂක බළකා සාමාජිකයන්ගේ සහාය සහිතවයි මෙම සංගණනය සිදු කිරීමට සැළසුම් කර තිබෙන්නේ.

WhatsApp Group

Skip to content