ලන්දේසින් විසින් 1756 වසරේදී ශ්‍රී ලංකාවෙන් පැහැරගත් කෞතුක භාණ්ඩ නෙදර්ලන්තයේ සිට අද අළුයම ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබෙනවා.

ලන්දේසීන් මහනුවර රජ මාලිගාවට පහර දී පැහැරගත් මගුල් කඩුව, ලෙව්කේ මහා දිසාවගේ කාලතුවක්කුව ඇතුළු භාණ්ඩ 6 ක් මෙලෙස යළි දිවයිනට රැගෙන ආ බවයි අප ගුවන්තොටුපල වාර්තාකරු සදහන් කළේ.

එම භාණ්ඩ අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා විසින් කටුනායක ගුවන් තොටුපලේදී භාරගනු ලැබුවා.

https://www.vnews.lk/storage/2023/11/VIDURA-WIKRAMANAYAKA-EDIT-.mp3?_=1

මෙම කෞතුක භාණ්ඩ තොගය දැඩි ආරක්ෂාව මධ්‍යයේ කොළඹ ජාතික කෞතුකාගාරය වෙත රැගෙන යාමට කටයුතු කර තිබෙන්නේ.

මෙම භාණ්ඩ තොගය ශ්‍රී ලංකාවේ පරිසර තත්ත්වයන්ට අනුවර්තනය වන තෙක් වායුසමනය කළ විශේෂ කුටි තුළ රඳවා තැබීමට නියමිතයි.

මේ අතර නෙදර්ලන්තය, එංගලන්තය ඇතු`ඵ තවත් විදේශ රටවල් 20 ක් පමණ ශ්‍රී ලංකාවෙන් පැහැරගත් කෞතුක භාණ්ඩ රාශියක් තිබෙන බවයි සංස්කෘතික අමාත්‍යංශය පැවසුවේ.

WhatsApp Group

Skip to content