ආර්ථිකය යළි ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙලට සහය දෙන බව දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෙයොල් මහතා පවසනවා.

දකුණු කොරියානු ජනාධිපතිවරයා මේ බව පවසා ඇත්තේ නිව්යෝර්ක් හි එක්සත් ජාතීන් සදහා වන දකුණු කොරියානු නිත්‍ය නේවාසික දූත මණ්ඩල කාර්යාලයේදියි.

ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණු ආර්ථ්ක අර්බුදයෙන් රටත්, ජනතාවත් නිදහස් කර ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙල දකුණු කොරියානු ජනාධිපතිවරයා අගය කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

මෙහිදි දකුණු කොරියාවේ නිල සංචාරයකට එක්වන ලෙසද එරට ජනාධිපතිවරයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ආරාධනා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ලෝක බැංකු ප්‍රධානි අජේ බංගා මහතා අතර හමුවක්ද ඊයේ පැවැත්වුණා.

එම හමුව එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී සිදුව ඇති අතර එහිදි ඵලදායි සාකච්ඡාවක නිරත වූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content