මුල්ලේරියාව, කැලණිමුල්ල ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුගේ කාමරය තුල තිබූ රුපියල් ලක්ෂ 94ක් වටිනා රන් භාණ්ඩ සොරකම් කිරීමට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මුල්ලේරියාව පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ විමර්ශනයේදී මෙම සැකකරු වාද්දුව මලේගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරු 32 හැවිරිදි වියේ පසුවන මාලඹේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.

WhatsApp Group

Skip to content