මෙම වසරේ ගත වූ කාලය තුළ මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව පන් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.

ඊයේ දිනය වන විට එය සටහන් වූයේ පන් ලක්ෂ තිස් හත්දහස් අටසීය අසූ හතක් ලෙසයි.

මාර්තු මාසයේ සති අන්ත දිනවලදී මෙරටට සංචාරකයින් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පැමිණ ඇති බවද සදහන්.

සංචාරක අමාත්‍යංශය පවසන්නේ මෙම වර්ධනය මෙරට සංචාරක කර්මාන්තයේ නව ගම්‍යතාවයක් පෙන්නුම් කරන බවයි.

කොවිඩ් වසංගතයෙන් පසුව දිවයිනට මාසය දෙකහමාරක කාලයක් තුළ මිලියන භාගයක් ඉක්මවා සංචාරකයින් පැමිණීම සුවිශේෂි ජයග්‍රහණයක් බවටයි එම අමාත්‍යංශය වැඩිදුරටත් කියා සිටියේ.

WhatsApp Group

Skip to content