ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව 2024 මාර්තු මස 22 වන දින සවස් කාලයේ කිලිනොච්චිය, උරුත්තිරපුරම් ප්‍රදේශයේ සිදුකල ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමකදී, කේරළ ගංජා කිලෝග්‍රෑම් හතකට (07) අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු (01) නීතියේ රැහැනට හසුකර ගැනීමට කටයුතු කෙරිණි.

ඒ අනුව, උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේනි නාවික ස්ථානගත කිරීම, කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකාය හා එක්ව උරුත්තිරපුරම් ප්‍රදේශයේ සිදුකල මෙම ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමේදී, එම ප්‍රදේශය ඔස්සේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරීක්ෂාවට ලක් කෙරිණි. එහිදී අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබූ පාර්සල් හතරක (04) අසුරන ලද කේරළ ගංජා කිලෝ 07 යි ග්‍රෑම් 025 ක පමණ ප්‍රමාණයක් සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරිණි.

අත්අඩංගුවට ගත් මෙම කේරළ ගංජා ප්‍රමාණයේ දළ වීථි වටිනාකම රුපියල් මිලියන දෙකකට (02) අධික වෙතැයි විශ්වාස කෙරේ.

තවද, කේරළ ගංජා සමඟ අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වන කිලිනොච්චිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගත් අතර, එම සැකකරු (01) සහ කේරළ ගංජා ඉදිරි නීතිමය කටයුතු සඳහා කිලිනොච්චිය පොලිසිය වෙත භාරදීමට කටයුතු කෙරිණි.

 

WhatsApp Group

Skip to content