තීරුබදු රහිතව ආනයනය කරන ලද කහ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මීගමුව ඒත්තුකාල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් එම කහ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 7කට අධික බවයි පොලිසිය පැවසුවේ.

ඒ අනුව තීරුබදු රහිතව ගෙන්වන ලද රුපියල් 780,000ක් පමණ වටිනාකමකින් යුත් කහ කිලෝග්‍රෑම් 375 ක් එම සැකකරු සතුව තිබී පොලිසිය භාරයට ගෙන ඇති බව සඳහන්.

මෙම සැකකරු ශ්‍රී ලංකා රේගුව වෙත භාර දීමට නියමිතයි.

WhatsApp Group

Skip to content