ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ලක්මාතාව රනින් සැරසූ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාවට මහනුවර කුණ්ඩසාලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙන් සුදුසු ඉඩමක් ලබාදෙන ලෙස කුණ්ඩසාල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති සෙ!ඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් එස්.ඩී. නාගහතැන්න මහත්මියට උපදෙස් ලබාදී තිබෙනවා.

කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීම අද(06) කුණ්ඩසාල ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී රැස්වූ අතර මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම උපදෙස් ලබාදී තිබෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ තරුෂි කරුණාරත්න ක්‍රීඩිකාව නිසැකවම ඔලිම්පික් පදක්කමක් ලබාගත හැකි ඉතා දක්ෂ පාසල් ක්‍රීඩිකාවක් බවයි.

මීටර් 800 කාන්තා ධාවන ඉසව්වේ ළාබාලම ක්‍රීඩිකාවක් ලෙස තරග කරමින් වසර 21කට පසුව ශ්‍රී ලංකාවට ආසියානු ක්‍රීඩා උළලේදී රන් පදක්කමක් හිමිකරදීමට සමත් වූ ඇය කුණ්ඩසාල ආසනයේ වලල රත්නායක විද්‍යාලයේ ඉගෙනුම ලබමින් ආසියානු මලල ක්‍රීඩා උළෙලක රන් පදක්කමක් දිනාගත් පළමු පාසල් ක්‍රීඩිකාව බවද කියා සිටියා.

අද දින පැවැති කුණ්ඩසාල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පසුගිය කාල සීමාවේදී සිදු කරන ලද සංවර්ධන වැඩසටහන්වල සහ ආයතනවල ප්‍රගතිය විමසා බැලීම, ප්‍රාදේශීය සංවර්ධන කමිටුව වෙත ඉදිරිපත් වූ ලිපි සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග හා ප්‍රගතිය විමසා බැලීම මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කිරීම පිළිබඳවද අවධානය යොමු කරමින් සාකච්ඡා සිදු කරන ලදී.

WhatsApp Group

Skip to content