විදුලිබල මණ්ඩලය ප්රතිව්යුහගත කිරීමේ කටයුතුවල ප්රගතිය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්යාංශයේ නිලධාරීන්, විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හා ප්රතිව්යුහගත කිරීමේ කාර්යාංශයේ නියෝජිතයන් සහ විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා අතර සාකච්ඡාවක් ඊයේ(12) පැවැත්විණ.
විදුලි පාරිභෝගික ආරක්ෂණ නීති, නියාමන ආයතනයේ සහ අනෙකුත් පිහිටුවන ආයතනවල කාර්යාභාරය වෙන් වෙන්ව සඳහන් කිරීම, පවතින විදුලිය මිල දී ගැනීමේ ගිවිසුම් පිළිබඳව අනුගමනය කරන වැඩපිළිවෙළ, විදුලිය ප්රසම්පාදන කටයුතුවල නීතිමාලාව, පවතින මූල්ය සහ අනෙකුත් වගකීම පිළිබඳව කටයුතු කිරීම, සේවකයන් නව සමාගම් වෙත අනුයුක්ත කිරීම, ස්වකැමැත්තෙන් ඉවත්වන සේවකයන් වෙනුවෙන් කටයුතු කරන ආකාරය, විශ්රාම සහ පාරිතෝෂ දීමනා පිළිබඳව වගකීම, ප්රතිව්යුහගත වැඩපිළිවෙළ ක්රියාත්මක කිරීමේ කාලරාමුව සහ ක්රමවේදයන් වැනි කරුණු සම්බන්ධයෙන් ජනවාරි මස වනවිට ක්ෂේත්රයේ පාර්ශ්වකරුවන් හා සංවර්ධන නියෝජිත ආයතන මගින් ලැබුණු යෝජනා මෙන්ම නිර්දේශයන් නීති කෙටුම්පත් කාර්යංශය විසින් කෙටුම්පත් කර ඇති අතර, පනත කඩිනමින් අවසන් කිරීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා සිදුවෙමින් පවතී.
නීතිපතිවරයාගේ නිෂ්කාෂණය සහ පනතට අවශ්ය කැබිනට් මණ්ඩලයේ අනුමැතියෙන් ලැබීමෙන් පසු එය ගැසට් පත්රයේ පළ කර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

WhatsApp Group

Skip to content