ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයේ රියැදුරන් සිදු කරනු ලබන වැරදි ලේඛනගත කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ, අනතුරු වළක්වා ආරක්ෂිත රිය ධාවනයකට පෙළඹවීම සඳහායි.

මේ යටතේ ලංගම රියැදුරන්ට අකුසලතා පරීක්ෂණ පොතක් හඳුන්වා දීමට කටයුතු කරනු ඇති.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනතුරු විමර්ශන කළමනාකරු එරන්ද පෙරේරා මහතා සඳහන් කළේ, මෑත කාලයේ ලංගම බස් අනතුරට ලක්වීම් සළකා බලා මේ තීරණයට එළඹි බවයි.

වසරේ ගත වූ කාලය තුළ ලංගම බස් රථ සම්බන්ධ අනතුරු 218ක් සිදු වී තිබෙනවා.

එහිදී සිදුව ඇති මාරක බස් රථ අනතුරු සංඛ්‍යාව 19ක් වන අතර, ඉන් පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරු හේතුවෙන් වර්ෂයකට ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 30ත් 40ත් අතර ආසන්න මුදලක් වන්දි වශයෙන් ගෙවීම් සිදුවන බවද එරන්ද පෙරේරා මහතා සදහන් කළා.

WhatsApp Group

Skip to content