ලංගම බස් රථ පාසල් දරුවන් මග හැර යාම කිසිසේත් අනුමත කළ නොහැක්කක් බව මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටුවේදී මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයා පවසා තිබෙනවා.

මහනුවර දිස්ත්‍රීක් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී මහනුවර දිස්ත්‍රීක්කයේ ප්‍රමුඛ ගැටලු සම්බන්ධයෙන් සහ සංවර්ධන යෝජනා සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළ අතර මෙහිදී ලංගම බස් රථ පාසල් දරුවන් මග හැර ගමන් කිරීම සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කමිටුවට ලැබී ඇති ලිපියක් සම්බන්ධයෙන් ද විශේෂ අවධානය යොමු වුණා.

එහිදී අදහස් දක්වමින් පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේ වාර ප්‍රවේශ පත්‍ර සහිතව හෝ රහිතව පාසල් දරුවෙක් බස් නැවතුම්පලක බස්රථයක් එන තුරු බලා සිටීමේදී ඔවුන් මගහැර යාම කිසිසේත් ම අනුමත කළ නොහැක්කක් බවයි.

අධ්‍යාපනය රටේ හෙට දවස තීරණය කරනු ලබන සාධකය බවත් බාධාවකින් තොරව පාසල් දරුවන්ට සහ ගුරුවරුන්ට පාසල් වෙත ලගාවීමට අවශ්‍ය පහසුකම් සැපයීම සිදුකළ යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළා.

WhatsApp Group

Skip to content