ලංකා ගමනාගමන මණ්ඩලය රියදුරන් 800 දෙනෙකු සහ කොන්දොස්තරවරුන් 275 දෙනෙකු අලුතින් බඳවාගැනීමට පියවර ගෙන තිබෙනවා.

දැනට ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු පුරප්පාඩු 1,035 ක් පවතින බවයි ඒ මණ්ඩලයේ සභාපති ලලිත් ද අල්විස් මහතා සඳහන් කළේ

තවද ඒ මහතා කියා සිටියේ කොන්දොස්තරවරුන් 450 දෙනෙකුගේ හිඟයක් පවතින බවයි.

වාර්ෂිකව සිදු කෙරෙන සේවකයින් විශ්‍රාම ගැන්වීමට අදාළව මෙම නව බඳවාගැනීම් සිදු කෙරෙනවා.

WhatsApp Group

Skip to content