ලංකා ගමනාගමන මණ්ඩලයේ රියදුරු සහ කොන්දොස්තර තනතුරු සඳහා බදවාගත් 370ක පිරිසක් සඳහා පත්වීම් ලිපි ප්රදානය ප්රවාහන, මහා මාර්ග හා ජනමාධ්ය අමාත්ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදු කෙරිණ.
විශේෂයෙන්ම බස්නාහිර පළාතේ ඩිපෝවල පවතින රියදුරු සහ කොන්දොස්තර තනතුරු පුරප්පාඩු සඳහා මෙම පිරිස අනුයුක්ත කිරීමට නියමිත වේ.
මේ වන විට බස්නාහිර පළාතතුළ වසර දහයකට අධික කාලයක් සේවය කරන පිට පළාත්වල රියදුරු මහතුන් සහ කොන්දොස්තරවරුන් දීර්ඝ කාලයක් තිස්සේ අයදුම් කර ඇති ස්ථාන මාරු ලබාදීම සඳහා මෙම නවක රියදුරු සහ කොන්දොස්තරවරුන් බඳවා ගැනීම තුළින් කටයුතු කෙරෙනු ඇත.

WhatsApp Group

Skip to content