ඉදිරි සතිය තුළ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට රාජ්‍ය ආයතන කිහිපයක් කැඳවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එළඹෙන අගහරුවාදා දිනයේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙම කමිටුව හමුවට කැඳවා ඇති බවයි පාර්ලිමේන්තු සන්නිවේදන ඒකකය සඳහන් කලේ.

එමෙන්ම එළඹෙන බදාදා දිනයේදී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය කෝප් කමිටුව හමුවට කැඳවා ඇති අතර බ්‍රහස්පතින්දා දිනයේ සබරගමුව විශ්වවිද්‍යාලය අදාළ කමිටුව හමුවට කැඳවීමට පියවර ගෙන තිබෙනවා.

මේ අතර ඉදිරි සතිය තුළ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ද රැස්වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ අනුව, එළඹෙන බදාදා දිනයේ අධ්‍යාපන අමාත්‍යංශය සහ ජාතික ප්‍රජා ජල සම්පාදන දෙපාර්තමේන්තුව මෙම කාරක සභාව හමුවට කදවිමටයි පියවර ගෙන ඇත්තේ.

WhatsApp Group

Skip to content