Industry EXPO 2024 ජාත්යන්තර කර්මාන්ත ප්රදර්ශනයට සමගාමීව ජනාධිපති ලේකම් ලංකා කර්මාන්ත සංවර්ධන මණ්ඩලය සංවිධානය කෙරෙන ප්රථම Green Industry Awards 2024 සම්මාන උළෙල , අභිමානවත්ව පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
තිරසාර කාර්මික සංවර්ධනය සඳහා වූ හරිත කර්මාන්තයන් මුලපිරීම වෙනුවෙන් කර්මාන්තකරුවන්, ව්යවසායකයන්, කර්මාන්ත වෘත්තිකයන් හා ශාස්ත්රීය ක්ෂේත්රය අතර හරිත කර්මාන්තකරණය පිළිබඳව දැනුම හුවමාරු කර ගැනීම හා සහයෝගීතාව වර්ධනය කර ගැනීමට කර්මාන්ත අංශ 10 ක් ආවරණය කරමින් “තිරසාර කාර්මික සංවර්ධනය සඳහා හරිත කර්මාන්තකරණය” පිළිබඳ පළමු ජාත්යන්තර සමුළුව Industry EXPO 2024 කර්මාන්ත ප්රදර්ශනයට සමගාමීව පසුගිය ජුනි 20 , 21 දෙදින පුරා පැවැත්විණි. එහි දිගුවක් ලෙසින් කර්මාන්ත සංවර්ධන මණ්ඩලය ලංකාව පුරා හරිත කර්මාන්තකරණයට උරදෙන කර්මාන්තයන් ඇගයීම උදෙසා විද්වත් , විධිමත් ක්රියාවලියක් තුළින් ලංකාවේ ක්රියාත්මක විශාල කර්මාන්තයන් රැසක් අතුරින් ජයග්රාහී හරිත කර්මාන්තයන් තෝරා ගෙන මෙම පළමු Green Industry Awards 2024 සම්මාන උළෙල පැවැත්වීම සිදුකෙරිණි .
මෙහිදී හරිත කර්මාන්තකරණය වෙනුවෙන් ක්ෂේත්ර 10 ක් මුල්කොට ගෙන සම්මාන 29 ක් ප්රදානය කෙරිණි.

WhatsApp Group

Skip to content