ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර අනෝන්‍ය මිත්‍රත්වය හා සම්බන්ධතාවය වර්ධනය කිරිමේ වැදගත් පියවරක් ලෙස වාර්ෂිකව සංවිධානය කරන මිත්‍රශක්ති යුධ අභ්‍යාසය ඊයේ ආරම්භ වුනා.

එය ලබන 25 දින දක්වා මාදුරුඔය ප්‍රදේශයේදි පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබෙනවා.

ඒ සඳහා සහභාගිවීමට නියමිත ඉන්දියානු යුධ හමුදාවේ භට පිරිස් ඊයේ මත්තල ගුවන්තොටුපලින් දිවයිනට පැමිණියා .

මෙම යුධ අභ්‍යාසය සඳහා ඉන්දිය යුධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රවින්ද්‍ර ආලවට් ගේ නායකත්වය යටතේ නිලධාරින් 18 දෙදෙනෙකු සහ සෙසුනිලයින් 102 දෙනෙකු සහභාගී වනවා.
එමෙන්ම ශ්‍රි ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ගජබා රෙජිමේන්තුව ප්‍රමුඛව නිලධාරින් 18 දෙනෙකු හා සෙසුනිළයින් 102 දෙනෙකු සහභාගි වීමට නියමිත බවයි යුධ හමුදාව සඳහන් කළේ.

WhatsApp Group

Skip to content