ශ්‍රී ලංකාව පසුගිය කාලයේ විවිධ අවස්ථාවන්වලදී විදේශී රටවල් සමඟ වෙළඳ ගිවිසුම් ගිවිසුම් අත්සන් කර ඇතත්, ගිවිසුම් අත්සන් කළ වෙනත් රටවලට සුගතියක් වූවා පමණක් බවත්, ශ්‍රී ලංකාවට එයින් සැලකිය යුතු ප්‍රයෝජනයක් සැලසී නොමැති බවත්, පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසනවා.

අද පේරාදෙණියේදී මේ පිළිබඳව අදහස් දක්වමින් එතුමන් මේ බව ප්‍රකාශ කළා.

එමෙන්ම පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී නිසි පරිදි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවත්, එසේ නොවුනහොත් බැංකු පද්ධතියට ද අහිතකර තත්ත්වයන් බලපෑ හැකි බැවින් බැංකු පද්ධතියක් ආරක්ෂා කර ගනිමින් සුලූ හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් ආරක්ෂා කර ගනිමින් කටයුතු කිරීම විධිමත් අධ්‍යයනයකින් තොරව කටයුතු කිරීමෙන් අහිතකර තත්ත්වයන් උදාවිය හැකි බවත්, එවැනි අධ්‍යයනයක් කිරීමක් මෙතෙක් දක්නට නොලැබෙන බවද ඒ මහතා සඳහන් කළා.

WhatsApp Group

Skip to content