මෙරට පිරිමි පුද්ගලයින් සියයට 10 කට අධික සංඛ්‍යාවක් ගෘහස්ථ හිංසනයට ලක් වී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යංශයේ කාන්තා ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නේත්‍රාංජලී මාපිටිගම මහත්මිය පවසනවා.

මෙලෙස හිංසාවට පත්ව ඇති බොහෝ පිරිමි පුද්ගලයින් කායික හිංසනය, ආර්ථික හිංසනය, ලිංගික හිංසනය, මානසික හිංසනය වැනි පීඩාවන්ට ගොදුරු වී ඇති බවටයි වෛද්‍යවරිය කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/12/MAPITIGAMA-EDIT.mp3?_=1

මේ අතර ගෘහස්ථ හිංසනය පිළිබද දැනුම් දීමට මිතුරු පියස ඒකකය සදහා පැය 24 පුරා ක්‍රියාත්මක දුරකථන අංකයක් හදුන්වා දී ඇති බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසනවා.

ඒ අනුව 070 – 2 611 111 යන දුරකථනය අංකයට ඇමතීමෙන් ගෘහස්ථ හිංසන පිළිබද දැනුම් දිය හැකියි.

WhatsApp Group

Skip to content