එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ පැවති තරඟයෙන් ශ්‍රී ලංකාව කඩුළු 06න් පරාජයට පත් කරමින් පාකිස්ථාන කණ්ඩායම ජයග්‍රහණය කරනු ලැබුවා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේදී කඩුළු 09ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 344ක්.

එහිදී අගනා ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 122ක් සහ සධීර සමරවික්‍රම 108ක් රැස් කළා.
පන්දු යැවීමේදී හසන් අලී ලකුණු 71ට කඩුළු 4ක් බිදහෙළුවා.

ඒ අනුව පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුළු 4ක් පමණක් දැවී ලකුණු 345ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

පාකිස්ථානය ජයග්‍රහණය කරා රැගෙන ගිය මොහොමඩ් රිස්වාන නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 131ක්.
මීට අමතරව අබ්දුල්ලාහ් ෂාෆික් ලකුණු 113ක් රැස් කළා.

පන්දු යැවීමේදී දිල්ෂාන් මදුශංක ලකුණු 60කට කඩුළු 2ක් බිදහෙළීමට සහත් වුණා.

WhatsApp Group

Skip to content