ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කර ඇති භාණ්ඩ සියල්ල ලබන සැප්තැම්බර් මාසය පළමු සතියේදී යලි ආනයනය කිරීමට අවසර ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා , මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නිලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවකදී මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ වන විට ආනයන තහංචි ඉවත් කර ඇති භාණ්ඩ සංඛ්‍යාව 286ක්.

කෙසේවෙතත් වාහන ඇතුළුව තවත් භාණ්ඩ 930ක ආනයන තහනම පෙර පරිදිම ක්‍රියාත්මක වනවා.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළු භාණ්ඩ 500 ක් ආනයන තහනම් කාණ්ඩයේ පැවැති අතර ඉන් 250 ක ආනයන තහනම ඉවත් කිරීමට රජය පියවර ගනු ලැබුවා.

ඒ අනුව මේ වන විටත් ආනයන තහනම පනවා ඇති භාණ්ඩ ලබන සැප්තැම්බර් මුල් සතිය වන විට අදියර දෙකකින් ඉවත් කිරීමට මෙම සාකච්ඡාවේදී තීරණය කර තිබෙනවා.

ඉන් පසුව වාහන ආනයන තහනම ඉවත් කිරීම ගැන සලකා බැලෙන අතර එයද උපාය මාර්ගික සැලසුමක් අනුව සිදු කිරීමටයි එහිදී සාකාච්චා වී ඇත්තේ.

WhatsApp Group

Skip to content