කෝප් කමිටු සභාපති ධුරය ළදරු පාසල් දරුවෙකුට ලබා දුනහොත් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට වඩා සේවයක් ඒ දරුවාගෙන් බලාපොරොත්තු විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර පවසයි.

මහනුවර 14 දින පැවැති මාධ්‍ය හමුවකදී අදහස් පල කළ මන්ත්‍රීවරයා කියා සිටියේ කිසිදු උගත්කමක් පලපුරුද්දක් නොමැති, කියවීමේ හැකියාව පමණක් ඇති රෝහිත අබේගුණවර්ධන වැනි අයාලේ යන පුද්ගලයෙකු හට මෙවන් වැදගත් පාර්ලිමේන්තු කමිටු සභාපති ධුරය ලබා දීමෙන් සිදුවනුයේ ඒ යටතේ විගණනයට ලක් වන රාජ්‍ය ආයතන සියල්ලද අයාලේ යන බවයි.

WhatsApp Group

Skip to content