පසුගිය අගොස්තු මස සිට විශ්‍රාමිකයින්ට හිමි විය යුතුව ඇති රුපියල් තුන් දහසක මුදල අහිමි කිරීම ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සිදු කළ බලවත් අසාධාරණයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීණී රෝහිණී කවිරත්න මහත්මිය පවසනවා.

ඇය මේ බව පැවසුවේ මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින්.

එම නිවේදනයේ ඇය සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණය පැවැත්වීම හේතුවෙන් මැතිවරණ කොමිසම විසින් අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් යන මාස තුනෙහි රුපියල් නව දහසක මුදලක් විශ්‍රාමිකයින්ට අහිමි වී ඇති බවයි.

WhatsApp Group

Skip to content